එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සහ යෝජිත සන්ධානය පිළිබද මේ දක්වාම එකගතාවකට පැමිණීමට නොහැකි වී තිබෙනවා. ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ ලෙසින් පිහිටුවීමට යෝජනා වී ඇති සන්ධානයේ ඉදිරි කටයුතු පිළිබද තීරණය කිරීම සදහා ඊයේ විශේෂ සාකච්ඡුාවක් පැවැත්වුණේ අරලියගහ මන්දිරයේ දීයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ප‍්‍රමුඛ පාර්ලිමේන්තු නියෝජිතයින් හා අනෙකුත් සාමාජිකයින් මෙම සාකච්ඡුාවට සහභාගී වුවද අවසන් එකගතාවකට පැමිණිය නොහැකි වූ බවයි පක්ෂයේ ප‍්‍රකාශකයෙකු සදහන් කළේ. මේ හේතුවෙන් පුලූල් සන්ධානය පිහිටුවීම පිළිබද තවදුරටත් සාකච්ඡුා කිරීමටත්, ඒ වෙනුවෙන් වූ විශේෂ සාකච්ඡුාවක් ලබන 17 වනදා අරලියගහ මන්දිරයේදී පැවැත්වීමටත් තීරණය වූ බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර ඊයේ පැවති සාකච්ඡුාව නිමාවීමෙන් අනතුරුව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාද මාධ්‍ය වෙත අදහස් පළකළා. ඔහු කියා සිටියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් තුළ ජීවත්වන ඕනෑම අයෙකුට කතා කිරීමේ නිදහසක් පවතින බවයි. ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා සිදුකළ ප‍්‍රකාශය පිළිබද මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව කියා සිටියා. එමෙන්ම සත්‍ය ජයගන්නා බව තමන්ගේ ඒකායන විශ්වාසය යැයිද සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතා අභියෝගයක් නොවේදැයි මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දුන් සජිත් පේ‍්‍රමදාස මහතා.

LEAVE A REPLY