රැදවුම් නියෝග යටතේ රදවා ගෙන සිටින කංජිපානි ඉම්රාන් නැමති සංවිධානාත්මක අපරාධකරු සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කිහිපදෙනෙකු අතර කිසියම් සබදතාවත් පවතින්නේ ද යන්න අනාවරණ කරගැනීම සදහා විශේෂ විමර්ශනයක් ක‍්‍රියාත්මකයි. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ එම පරීක්ෂණය ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ. ආකාරයන් කිහිපයක් යටතේ එම පරීක්ෂණය සිදුවන බව ද එම නිවේදනයේ දැක්වුණා.

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් විසින් සිදුකර ඇති පැමිණිල්ලකට අදාළව මෙම විමර්ශනය ක‍්‍රියාත්මකයි.

LEAVE A REPLY