ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවරට පැමිණ ශ‍්‍රී දළදා සමිදුන්ගේ ආශිර්වාද ලබාගත්තා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇතුලූ නියෝජිතයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. දළදා මාලිගා පරිශ‍්‍රයට ඇතුලූ වන අවස්ථාවේ පැමිණ සිටි ජනතාවගෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්.

දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා මල්වතු හා අස්ගිරි පාර්ශ්වවල මහ නාහිමිවරුන් මුණගැසී උන්වහන්සේලාගේ ආශිර්වාද ලබාගත්තා. විපක්ෂ නායකවරයා ඇතුලූ පිරිසද එම අවස්ථාවට සහභාගී වුණා. එමෙන්ම ජනාධිපතිවරණය සහ තමන් රට වෙනුවෙන් ඉදිරිපත් කරන වැඩසටහන් පිළිබදද ගෝඨාභය රාජපක්ෂ මහතා මහ නාහිමිවරුන් වෙත කෙටි කරුණු පැහැදිලි කිරීමක් සිදුකළ බවයි
අප වාර්තාකරු සදහන් කළේ.

 

 

LEAVE A REPLY