පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත දැනුම් දීමේ ලිපිය එම කාරක සභාව විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

මෙම මස 20, 21, 22 හා 23 යන දිනවලින් එක් දිනකදී කමිටුව හමුවට පැමිණිය හැකි බව ද, තෝරා ගනු ලබන දිනය ආපසු දැනුම් දෙන ලෙසද ලිපියේ දක්වා ඇතැයි සඳහන්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ලිපියට දක්වන ප්‍රතිචාර අනුව කාරක සභාව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

ජනාධිපතිවරයා සාක්ෂි ලබා දීමට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන බව කිවහොත් ඒ අනුව කටයුතු කිරීමට සභාව සූදානම් බවයි එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ.

LEAVE A REPLY