කලූගග ආශ‍්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. පාලින්ද නුවර, බුලත්සිංහල, කිරිඇල්ල, මදුරාවල, නිල්ලනිය, ඉංගිරිය සහ කලූතර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ජලයෙන් යට විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. රත්නපුර ප‍්‍රදේශයේ කලූගගේ ජල මට්ටම යම් තරමකින් අඩු වුවද ඇල්ලගාව සහ මිල්ලකන්ද යන ප‍්‍රදේශවල ජල මට්ටමේ යම් වර්ධනයක් පෙන්නුම් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ ස`දහන්.

මේ අතර නායයාමේ අවදානමක් හේතුවෙන් නෝර්වුඞ් ප‍්‍රදේශයේ නිවාස 10 ක පදිංචිකරුවන් කඩිනමින් ඉවත් කිරීමට අද පස්වරුවේ පියවර ගත්තා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ බස්නාහිර, දකුණ, සබරගමුව, උතුරු මැද, වයඹ, උතුර සහ මධ්‍යම යන පළාත්වලත්, ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයටත් තද වැසි සමග පැයට කිලෝමීටර් 70 ක් තරමේ තද සුළං ඇති විය හැකි බවයි.

මේ තත්ත්වය හමුවේ රත්නපුර, නුවරඑලිය සහ කෑගල්ල යන දිස්ත‍්‍රික්කවල අවදානම් කලාප වෙත බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇගවීමක් නිකුත් කළ බව ජාතික ආපදා කළමනාතරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළා.

එමෙන්ම පොතුවිල් සිට හම්බන්තොට, කොළඹ, පුත්තලම සහ කන්කසන්තුරේ හා ත‍්‍රිකුණාමලය දක්වා වූ මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගයට පැයට කිලෝමීටර් 80 ක් දක්වා වැඩි විය හැකියි. ධිවරයින් තවදුරටත් මුහුදු යාමෙන් වැළකී සිටීම ඉතා වැදගත් බවයි කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ.

LEAVE A REPLY