වී එෆ් එම් නාලිකාව ද නිකිණි පුන් පොහෝ දිනය මුල්කර ගනිමින් විශේෂ කටයුත්තක නිරත වුණා. වියලි කාළගුණයෙන් පීඩාවට පත්ව සිටින පොළොන්නරුව වැලිකන්ද ප‍්‍රදේශයේ ජනතාව වෙත පානීය ජලය ලබාදීමේ විශේෂ වැඩසටහන ක‍්‍රියාත්මක කළේ වී එෆ් එම් සවියක් වී විශේෂ ව්‍යාපෘතිය යටතේයි. වැලිකන්ද ප‍්‍රදේශයේ පවුල් 4158 කට අයත් පුද්ගලයින් 14,100 දෙනෙකු වෙනුවෙන් පානීය ජලය ලබාදීම මේ යටතේ සිදුකෙරුණේ එම ජනතාවගේ පිපාසය සංසිදුවාලීම සදහා සුවිශේෂි දායකත්වයක් ලබාදෙමින්.

පිරිසිදු ජානීය ජලය ලීටර් ලක්ෂ ගණනක් බෙදා හැරීමට මේ යටතේ පියවර ගෙන තිබෙනවා. වැලිකන්දේ ජනතාව වෙනුවෙන් ලබාදුන් දායකත්වය පිළිබද ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ වැලිකන්ද, දිඹුලාන, පැරකුම්යාය ශ‍්‍රී පැරකුම් විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අහුංගල්ලේ ඥානදස්සිලංකාර හිමියන්.

වැලිකන්ද ප‍්‍රදේශවාසීන් වෙත පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතිය සාර්ථකව ක‍්‍රියාත්මක කිරීමට වී එෆ් එම් කාර්යය මණ්ඩලය සමත් වුණා. ඒ පිළිබද සියලූ තොරතුරු දැනගැනීම සදහා අප දැන් සම්බන්ධ වනවා වැලිකන්ද ප‍්‍රදේශයේ සිටින වී එෆ් එම් විශේෂ නියෝජිත ගිහාන් කාලිංග සමගින්.

 

සවියක් වී සමාජ සත්කාරය

Posted by VFM Radio on Tuesday, August 13, 2019

LEAVE A REPLY