මහනුවර ශ‍්‍රී දළදා ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ආරම්භ කිරීමට මේ වන විටත් සියල්ල සූදානම් කර අවසන්. රාත‍්‍රි 8 පසු වී විනාඩි 5 ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර මංගල්‍යය ආරම්භ කිරීමටයි නියමිතව තිබෙන්නේ. පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වීමේ සූදානම පිළිබද තොරතුරු ඇතුලත් මේ වාර්තාව ගෙන එන්නේ මහනුවර වී එෆ් එම් වාර්තාකරු හේරත් බණ්ඩාර ඒකනායක විසින්.

ඓතිහාසික දෙවිනුවර ශ‍්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර ද මේ වන විට ආරම්භ වී තිබෙනවා. පස්වරු 4.42 ට යෙදුණු සුබ මොහොතින් පෙරහැර ආරම්භ වුණා. ඒ පිළිබද තොරතුරු ඇතුලත් මේ වාර්තාව ගෙන එන්නේ මාතර වී එෆ් එම් වාර්තාකරු නයන දසුන් ලියනගේ විසින්.

 

LEAVE A REPLY