රට තුළ පවතින ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම මතයක් දැරීමේ නිදහස පවතින බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ජනාධිපති අපේක්ෂකයා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරු ඔබට සහයෝගය නොදෙන්නේ ඇයිද යන්න සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් එහිදී සජිත් ප්‍රේමදාස මහතාගෙන් ප්‍රශ්න කළා.

LEAVE A REPLY