වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ ජනතාව වෙත පානීය ජලය ලබාදීමේ වී එෆ් එම් ‘සවියක් වී’ විශේෂ ව්‍යාපෘතිය අද උදෑසන ආරම්භ වුණා.

පොලොන්නරුව, වැලිකන්ද ප්‍රදේශයේ පවුල් 4158 කට අයත් පුද්ගලයින් 14,100 කට අධික පිරිසක් පානීය ජලය සපයා ගත නොහැකිව පීඩාවට පත්ව සිටිනවා.

එක් දිනකට ඔවුන්ගේ ජල පරිභෝජනය ලීටර් එක්ලක්ෂ හතලිස් පන්දහසක් පමණ වන බවද සදහන්.

අද පෙරවරුවේ වැලිකන්ද, දිඹුලාන ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්ද සවියක් වී පානීය ජලය ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වුණා.

මේ, වැලිකන්ද දිඹුලාන, පැරකුම්යාය ශ්‍රී පැරකුම් විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ඥාණදස්සීලංකාර ස්වාමින්වහන්සේ ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස්.

වී එෆ් එම් ‘සවියක් වී’ සත්කාරයට සම්බන්ධ වෙමින් පානීය ජලය ලබාගත් ජනතාවද වී එෆ් එම් සමග මෙලෙස අදහස් දක්වා සිටියා.

   

LEAVE A REPLY