හමුදා සෙබලෙකු රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගැනීමේ තවත් සිද්ධියක් අද පෙරවරුවේ වාර්තා වුණා. යුද හමුදා මූලස්ථානයේ රාජකාරියේ නිරතව සිටිය දී ඔහු මෙලෙස සියදිවි හානි කරගෙන තිබූ බවයි පොලීසිය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ සිය 27 වන උපන් දිනය යෙදී ඇති දිනයේ දී ඔහු මෙලෙස සිය දිවි හානි කරගෙන ඇති බවයි. පේ‍්‍රම සම්බන්ධතාවයක් පිළිබ`ද ඇති වූ ගැටලූවක් මීට හේතු වී ඇති බව ද අනාවරණ වී තිබෙනවා. එමෙන්ම හෙලිදරව් වී ඇති තවත් කාරණයක් වන්නේ මෙම සෙබලා පෙම් සබදතා කිහිපයක්ම පවත්වාගෙන ගොස් ඇති බවයි.

අද දිනය භයානක විය හැකි බවට අනතුරු අගවමින් ඊයේ දිනයේදී එක් පෙම්වතියක් වෙත කෙටි පණිවිඩයක් යොමු කර ඇති බව ද පරීක්ෂණවලදී අනාවරණ වී ඇති තවත් කාරණයක්.

පසුගිය 31 වනදා ද හමුදා සෙබලූන් දෙදෙනෙකු මෙලෙසම රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගත් බවට තොරතුරු වාර්තා වුණා. කොළඹ දී සහ අනුරාධපුරයේ දී එම සිදුවීම් වාර්තා වී තිබූ අතර ඒවාට ද පේ‍්‍රම සම්බන්ධතා හේතු වී ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණ වී තිබුණේ.

LEAVE A REPLY