පළමු දිනයට වඩා දෙවන දිනයේ දී පන්දුවේ දග කැවීමක් මෙන්ම ඉපිලීමක්ද දැක ගත හැකි වූ බව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් පවසනවා.

ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

ඉදිරි දිනවලදී දඟ කැවීම තවදුරටත් වැඩි වනු ඇති බවත්, එබැවින් සිව්වන ඉනිමේ පිතිකරණයේ නිරත වීම ශ්‍රී ලංකාවට පහසු නොවනු ඇති බවත් ලක්මාල් මෙහිදී කියා සිටියා.

අද පෙරවරුවේ දීම නවසීලන්තය නව පන්දුව ලබා ගැනීමට නියමිතව ඇති බැවින් පළමු පන්දුවාර 10 තුළ දී තමාටත් දික්වැල්ලටත් දැඩි අභියෝගයක් එල්ල වනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY