එළඹෙන ජනාධිපතිවරණයේදී බලය සහිත දිනන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ සතු බව එහි දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳූන්නෙත්ති මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, ඉම්රාන් ඛාන් පාකිස්තානයේ තෙවැනි බලවේගයේ සිට මුල්තැනට පත්වූවා සේ, ශ්‍රී ලංකාවේද තෙවැනි බලවේගය මුල්තැනට පත්කිරීමේ පරිවර්තනයකට ඡන්දදායකයන් ලෙස සමස්ථ ජනතාව ක්‍රියාත්මක විය යුතු කාලය එළැඹ ඇති බවයි.

සුනිල් හඳූන්නෙත්ති මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ, අද පෙරවරුවේ විකාශය වූ වී එෆ් එම් සිද්ධමුල්ල කාලීන සංවාදයට එක්වෙමින්.

2018 වසරේ පළාත් පාලන ඡන්ද විමසීමේදී රටේ ජනතාව ඡන්දය භාවිත කළ ආකාරයට වඩා ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කිරීම වඩාත් වෙනස් ස්වරූපයක් ගන්නා බවද ඔහු මෙහිදී පැහැදිලි කළා.

2015 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ පරාජයේ සහතිකය ලබාදුන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් බවද සුනිල් හඳූන්නෙත්ති මන්ත්‍රීවරයා අද සිද්ධමුල්ල වැඩසටහනේදී අවධාරණය කළා.

LEAVE A REPLY