හබරණ – දඹුල්ල මාර්ගයේ, කුඩාමීගස්වැව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් තවත් දෙදෙනෙකු තුවාල ලබා දඹුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහනුවර මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව සඳහන්.

පොළොන්නරුව දෙස සිට පැමිණි වැලි ප්‍රවාහන ටිපර් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කළ පිරිස අතරින් තිදෙනකුයි.

ඔවුන් පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළා.

LEAVE A REPLY