නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන් විය හැකිද ?එළඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා විය යුත්තේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකයෙකු බව බස්නාහිර පළාත් හිටපු මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා පවසනවා.

නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය දක්වන පුද්ගලයෙකු ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතු බවයි හලාවත ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ.

මේ අතර, ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනු ලබන ඕනෑම තීන්දුවකට සහාය ලබාදෙන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ප්‍රකාශ කළා.

ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.

LEAVE A REPLY