ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කිරීමෙන් පසුව යෝජිත සන්ධානය ගොඩ නැගීමට ඊයේ දිනයේ පැවැති සාකච්ඡාවේදී තිරණය වී ඇති බවට තොරතුරු වාර්තාවනවා.

රාජිත සේනාරත්න ඇමතිවරයාගේ නිවසේ පැවැති මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජිත පිරිසක් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්‍ෂ කිහිපයක නියෝජිතයින්ද සහභාගී වී සිටියා.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේ ප්‍රතිපල කිසිවක් ඔවුන් මාධ්‍ය වෙත ලබාදුන්නේ නැහැ.

මේ අතර ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා කියා සිටියේ නියත වශයෙන්ම සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රමාත්‍ය ධූරයට පත් කිරීමේ තීරණයක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරමින් සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

නව අගමැතිවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමට එකඟත්වය පළ වුවහොත් සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ බලය මෙන්ම ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට හැකිවනු ඇති.

LEAVE A REPLY