ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර විවාහ මංගල උත්සවයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙය මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් සිදුකර ඇති බවටයි සැක එරට ආරක්ෂක අංශ සැක පළ කරන්නේ.

මෙම ප්‍රදේශය ෂියා මුස්ලිම්වරුන් බහුලව වාසය කරන ප්‍රදේශයක් වන අතර, එහි වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැහැ.

කෙසේ වෙතත්, සුන්නි මුස්ලිම්වරුන්, තලේබාන් සහ අයි එස් යන සංවිධාන ප්‍රහාරයට වගකිව යුත්තන් ලෙසයි සැක පළ කෙරෙන්නේ.

මීට දින දහයකට පෙරද කාබුල් නුවර පොලිස් ස්ථානයක සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් දසදෙනෙකු මියගොස් 150 දෙනෙකු තුවාල ලැබුවා.

එහි වගකීම තලේබාන් ත්‍රස්ත සංවිධානය විසින් භාරගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

(කුෂාරි උඩුවනගේ)

LEAVE A REPLY