ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 63 දෙනෙකු මියගොස් තිබෙනවා.

ප්‍රහාරයෙන් තවත් 180කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

කාබුල් අගනුවර පැවති විවාහ මංගල උත්සවයක් අතරතුර මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිඳු පාර්ශ්වයක් භාරගෙන නොමැති අතර, තලෙයිබාන් සංවිධානය මෙම ප්‍රහාරය පිටුපස සිටිය හැකි බවටයි සැක පළ කෙරෙන්නේ.

මීට දින දින 10කට පෙරද කාබුල් නගරයේ පොලිස් ස්ථානයක් ආසන්නයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 14 දෙනෙකු මියගියා.

LEAVE A REPLY