යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ නිල කාලය අදින් අවසන් වීමට නියමිතව තිබෙනවා.

ඔහුට නැවතත් සේවා දිගුවක් ලබා දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා ජනාධිපතිවරයා විසින් තීරණයක් ප්‍රකාශයට පත්කර නැහැ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි ජේෂ්ඨ නිලධාරියෙකු ලෙස මහේෂ් සේනානායක මහතා හැදින්විය හැකියි.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් අනතුරුව රටේ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් ඔහු දැක්වූ දායකත්වය විශිෂ්ඨ බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීම වී තිබෙනවා.

පසුගිය වසරේ අගෝස්තු 18 දා විශ්‍රාම යාමට නියමිතව තිබුණද ජනාධිපතිවරයා ඔහුගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට පියවර ගත්තා.

කෙසේ වෙතත් මෙවර එවැනි තීරණයක් ගෙන නොමැති බැවින් තමන් අද දිනයේදී යුදහමුදා සේවයෙන් විශ්‍රාම ගන්නා බවයි මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY