ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි වී තිබෙනවා.

ඒ, කොළඹ ප්‍රදේශයට අද අලුයම සිට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන්.

ඒ හේතුවෙන් නියමිත වේලාවට කාසියේ වාසිය උරගා බැලීමද සිදු කිරීමට හැකි වූයේ නැහැ.

වර්ෂාව නිසා තරගය පැවැත්වීමට නියමිත පී සරා ඕවල් ක්‍රීඩාංගනය මේ වන විටත් සම්පූර්ණයෙන් ආවරණය කර තිබෙනවා.

LEAVE A REPLY