ශී‍්‍ර ලංකාවේ කසල කළමනාකරණ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක නොවන බවත්, ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක වන්නේ කසල රැුදවුම් කි‍්‍රයාවලියක් බවත් පරිසරවේදීන් පවසනවා. මෙරට කි‍්‍රයාත්මක වැඩපිළිවෙල කසල කළමනාකරණයක් ලෙස හැදින්විය නොහැකි වුවත් එය කසල ධනවාදයක් ලෙස හැදින්විය හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.

කසල කළමනාකරණ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමේ වැඩපිළිවෙලට බාධාර කරන බවට පරිසරවේදීන්ට චෝදනා එල්ල කරන්නේ කසල මගින් ධනය ඉපැයීමේ වැඩපිලිවෙල බාධාවකින් තොරව සිදු කිරීම සඳහා අවස්ථාව උදාකර ගැනීමට අවශ්‍ය මතවාදය සමාජය තුළ ස්ථාපිත කිරීම වෙනුවෙන් බව පරිසරවේදී සජීව චාමිකර මහතා පැවැසුවා. ඔහු මේ බව කියා සිටියේ අරුවක්කාලූ කසල රැුදවුම් කි‍්‍රයාවලිය පිළිබඳ වී එෆ්එම් ප‍්‍රවෘත්ති අංශය සමග සාකච්ඡුාවක් සිදු කරමින්.

අරුවක්කාලූ කසල අංගනය විද්‍යාත්මක ක‍්‍රමවේදයකට සිදු නොවන්නක් බවද ඔහු අවධාරණය කළා. එමෙන්ම එය අනාගතයේ බලවත් අර්බුදයක් වෙත රැුගෙන යාමට දරණ උත්සාහයක් යැයිද ඔහු පැවැසුවා.

අරුවක්කාලූ කසල අංගනයේ බලපෑම යාපනය දක්වාම විහිදී යන බවත්, ඒ තුළ මැරුණු පරිසර පද්ධති නිර්මාණය විය හැකි බවත් ඔහු පැවැසුවේ මෙහි බරපතලකම සැකෙවින් පැහැදිලි කරමින්.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පරිසරවේදී සජීව චාමිකර මහතා,

මේ අතර අද අලූයම දී අරුවක්කාලූව වෙත කසල රැුගෙන යමින් තිබූ ට‍්‍රක් රථයකට ගල්මුල් ප‍්‍රහාරයක් එල්ල වී තිබුණා. පරිසරවේදීන්ගේ මතය වන්නේ මෙම ප‍්‍රහාර එල්ල වීම තුළ මෙම කසල රැුදවුම් කි‍්‍රයාවලියට එරෙහි ජනමතය තේරුම් ගත යුතු බවයි. එසේ නොමැතිව එම පුද්ගලයින්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමෙන් මෙම ගැටළුවට විසදුම් නොලැබෙන බවද ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාද මාධ්‍ය වෙත අදහස් පලකළා. ඔහු කියා සිටියේ මෙම ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණුනු බවයි.

LEAVE A REPLY