Image processed by CodeCarvings Piczard ### FREE Community Edition ### on 2017-11-18 08:37:39Z | |

හදිසි නීතිය තවදුරටත් දිර්ඝ නොකිරීම තුළ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, ඒ පිළිබඳ විමර්ශන සිදුකිරීම මෙන්ම සැකකරුවන් රඳවා තබා ගැනීම යන කාරණාවලට බලපෑමක් ඇති කොකරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. හදිසි නීතිය තවදුරටත් දිර්ඝ නොකරන බව ආරක්ෂක ලේකම්වරයා විසින් නිවේදනය කළේ ඊයේ දිනයේදීයී.

අපේ‍්‍රල් 21 එල්ල වූ ත‍්‍රස්තවාචී ප‍්‍රහාර මාලාවෙන් පසුව හදිසි නීතිය පැනවීමට පියවර ගත්තා. අනතුරුව එය සෑම මාසයක් පාසාම තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගත් අතර, මේ වන විට රටතුළ සාමය ස්ථාපිත වී ඇති බැවින් හදිසි නීතිය අවශ්‍ය නොවන බවයි ආරක්‍ෂක ලේකම්වරයා පෙන්වා දී තිබුණේ.

කෙසේ වෙතත් හදිසි නීති රෙගුලාසි අවලංගු කිරීම තුළ ත‍්‍රස්තවාදී කි‍්‍රයාවන් මැඩපැවැත්වීමේ කි‍්‍රයාවලිය අඩපණ විය හැකි බව දක්වමින් ඇතැම් මාධ්‍ය විසින් තොරතුරු වාර්තාකර තිබුණා. ඒ පිළිබඳ අවදානය යොමුකරමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකළා.

එමෙන්ම අත්අඩංගුවේ සිටින ත‍්‍රස්තවාදී සැකකරුවන් 200 කු නිදහස් වන බවට පලවී ඇති වාර්තා සියල්ල අසත්‍ය බවද ඔහු සඳහන් කළා.

මේ අතර හදිසි නීතිය දීර්ඝ නොකළ ද සියලූ දිස්ති‍්‍රක්කවල මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදා සාමාජිකයන් රාජකාරීවල යෙදවීම සඳහා බලය පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඒ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින්. මහජන ආරක්ෂාව පනතෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල වලට අනුකූලවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ. සියලූ දිස්ති‍්‍රක්වල මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ සහය ලබාගැනීමට එමගින් බලය පවරා තිබෙනවා.

LEAVE A REPLY