ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ක්‍රිඩා පනතේ වගන්ති ප්‍රකාරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශේෂ විධානයක් නිකුත් කර තිඛෙනවා.  ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා විධායක කමිටු සාමාජිකයෙකු ලෙස හෝ හිටපු සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ කිසි`දු ආකාරයක තනතුරු දැරීම වළක්වාලමින්.

මේ අනුව හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා හට ඔහු සතුව තිබූ බලය යොදා ගැනීම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කිරීම තහනම් වනවා. හිටපු සභාපතිවරයාට එරෙහිව සිදුකිරීමට නියමිත විමර්ශනයක් හේතුවෙනුයි මෙම තාවකාලික විධානය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කර තිඛෙන්නේ.

මේ අතර තිලංග සුමතිපාල මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතුවලට සම්බන්ධ වීමට හැකි දැයි සොයා බලා මසක් ඇතුලත වාර්තාවක් සැපයීම ස`දහා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට ද ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගෙන තිඛෙනවා.

ඒ අනුව මසක් තුළ එම වාර්තාව ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට භාර දිය යුතු වනවා.

LEAVE A REPLY