පළාත් කිහිපයකට අද පස්වරුවේ තද වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර, ඌව, උතුරු මැද, උතුර සහ මධ්‍යම යන පළාත්වලටත්, හම්බන්තොට දිස්ත්‍රික්කයටත් මෙම අයහපත් කාලගුණික තත්ත්වය බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

එමෙන්ම ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළකළා.

එම මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම් දෙන්නේ අකුණු අනතුරු අවම කරගැනීමට ජනතාව පියවර ගත යුතු බවයි.

LEAVE A REPLY