ඉරාකයේ කර්බාලා නගරයේ ශියා ආගමික සැමරුම් උත්සවයකදී සිදු වූ නොසන්සුන්තාවක් හේතුවෙන් පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් තිබෙනවා.

මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ. එමෙන්ම, සියයකට වැඩි ප්‍රමාණයක් එහිදී තුවාල ලබා සිටින බව සඳහන්.

ශියා මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ අශුරා සැමරුම් දින උත්සවයේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.

LEAVE A REPLY