හොරොව්පතාන පිරිවෙනක කුඩා සාමණේර හිමිවරු දෙනමකට පහර දුන් පුද්ගලයා ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, කැබිතිගොල්ලෑව අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් අනුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ චමින්ද ගලගොඩ හෙවත් උටියා නැමැති පුද්ගලයෙක්. සාමණේර හිමිවරුන් දෙනම මේ වන විට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.

තම වෙළෙඳසැලෙන් චොකලට් දෙකක් ගත් බව පවසමින් සාමණේර හිමිවරුන් දෙදෙනාට සැකකරු පහර දී තිබුණා.

LEAVE A REPLY