එක්සත් ජාතික පක්ෂය මෙන්ම පොදුජන පෙරමුණද ජනාධිපතිවරණය සඳහා දේශපාලන නායකත්වය සහිත අපේක්ෂකයෙකු පත් කිරීමට අපොහොසත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි පුද්ගලයන් කරලියට පැමිණෙන්නේ නිසි දේශපාලන නායකත්වයක් ගොඩනැගීමට නොහැකි වීම නිසාවෙන් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

එමෙන්ම, 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඉදිරියට ගෙන යන බවත්, ඒ වෙනුවෙන් 20 වැනි සංශෝධනය සිදු කෙරෙන බවත් කේ.ඩී. ලාල්කාන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

LEAVE A REPLY