එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ විශේෂ හමුවක් ඉදිරි දින දෙක තුළ පැවැත්වීමට නියමිත බව සඳහන්.  එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගී වීමට නියමිතව තිබෙනවා. එය පැවැත්වෙන්නේ කොළඹ අරලියගහ මන්දිරයේ දීයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඊයේ රාත්‍රියේ සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාකච්ඡාව ඉතා ධනාත්මක හා සුභවාදී වූ බවයි අමාත්‍ය
සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ.

LEAVE A REPLY