වංචා හා දූෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ තමන්ට හෙට දිනයේ පෙනී සිටීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙනවා.
ඒ පිළිබඳව ලිඛිතව අග්‍රාමාත්‍යවරයා විසින් කොමිසමට දැනුම් දී ඇති බව සඳහන්.

ඒ, මන්නාරම දිස්ත්‍රික්කයේ වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට ඇති බව පවසමින්. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ලබන 16 වනදා ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස යලි සිතාසි නිකුත් කළ බවයි එම කොමිසම ප්‍රකාශ කළේ.

කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන ගිය රාජගිරියේ ගොඩනැගිල්ලක්
බදු පදනම මත ලබාගැනීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහායි අග්‍රාමාත්‍යවරයා ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබෙන්නේ.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබාදුන්නා. ඒ, අධ්‍යාපන අමාත්‍යංශයේ සැපයුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අයි එම් කේ ඩී ඉලංගසිංහ මහතාට එරෙහිව සිදුකරන විනය පරීක්ෂණයක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහායි.

LEAVE A REPLY