අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහීම් සංවිධානයේ සාමාජිකයන් 11 දෙනෙකු වැඩිදුර පරීක්ෂණ සදහා ත්‍රස්ත්‍ර විමර්ශන කොට්ඨාසය වෙත භාරදී තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සිදු කල සෝදිසි මෙහෙයුම්වලදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ.

ඔවුන් දින 90 ක රැදවුම් නියෝග මත තබාගනිමින් විමර්ශන සිදුකරනු ලැබු අතර, ඊයේ දිනයේදී එම සැකකරුවන් 11 දෙනා ත්‍රස්ත්‍ර විමර්ශන කොට්ඨාසයට භාරදුන්නා.

සැකකරුවන් 11 දෙනා අතරට මොහොමඩ් මන්සූර් සෙයිෆුල්ලාහ්, මොහොම්මඩු රියාල් මොහොමඞ් සාජිද්, මුස්තාක් අලි අම්හර්, මොහොමඩ් තාහිර් හිදයතුල්ලා හා මොහොමඩ් රම්සින් රුප්දි අහමඞ් යන පිරිසද ඇතුළත්.

එමෙන්ම මොහිදින් බාවා මොහොමඩ් රූම්, අබාදුල් හලීම් මොහොමඩ් හිමාස්, මොහොමඩ් කාසිම් මොහොමඩ් අකිල්, හිස්බුල්ලා බාස් හුස්නි අහමඩ්ද මෙම පිරිසට අයත් වනවා.

මොහොමඞ් සාහිර් මොහොමදු අහ්සන්, මොහොමදු අවුතාක් අනීස් මොහොමඞ් යන සැකකරුවන්ද වැඩිදුර විමර්ශන සදහා ත්‍රස්ත්‍ර විමර්ෂන කොට්ශාසයට භාර දුන් සැකකරුවන් 11 දෙනා අතරට ඇතුලත්.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY