ශ්‍රී ලංකා පරිපාලනයට අයත් සියලුම නිලධාරින් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අද දිනයේත් අසනීප නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටින බව ශ්‍රී ලංකා පරිපාලන සංගමය පවසනවා.

මෙම අවස්ථාවට පරිපාලන සේවා නිලධාරීන් 3000 කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතයි.

ඒ හේතුවෙන් රටපුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 334 ක සේවා කටයුතු මෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුලු ප්‍රමුඛ පෙලේ ආයතන රැසක සේවාවන්ද අඩපණ වනු ඇති.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සංගමයේ ලේකම් රොහාන් ද සිල්වා මහතා අදහස් පළකළා.

LEAVE A REPLY