එක්දින තරග තුනකින් හා 20 යි 20 තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා එක්දින හා 20 යි 20 සංචිතය නම් කර තිබෙනවා.

මෙම තරගාවලියෙන් ප්‍රධාන ක්‍රීඩකයන් ඉවත්ව ඇති හෙයින් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ළහිරු තිරිමාන්න, 20 යි 20 කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකත් පත්කර ඇති බව සඳහන්.

එක්දින කණ්ඩායමට නම් කර ඇති ක්‍රීඩකයන් 15 දෙනාගෙන් 14ක්ම විස්සයි20 කණ්ඩායමට නම්කර තිබෙනවා. එක්දින කණ්ඩායමේ නායකයා වූ ළහිරු තිරිමාන්න 20 යි20 කණ්ඩායමට ඇතුළත්ව නොමැති බවයි වාර්තා වන්නේ.

එක්දින කණ්ඩායමට ඇතුළත්ව නැති භානුක රාජපක්ෂ හා ළහිරු මධුශංක 20 යි 20 කණ්ඩායමට නම් කර තිබෙනවා.

LEAVE A REPLY