ශ්‍රී ලංකා ජනසන්නිවේදකයින්ගේ සංගමය වාර්ෂකව සංවිධාන කළ මාස්කෝ 2019 සම්මාන උළෙලේදී වී එෆ්. එම්. නාලිකාවට සම්මානයක් හිමි වුණා.

එහිදී වී එෆ්.එම් නාලිකාවේ සිද්දමුල්ල කාලීන වැඩසටහනේ නිෂ්පාදක මාධ්‍යවේදී සුරාජ් අල්විස් මහතා මාස්කෝ 2019 මාධ්‍යශූරී විශිෂ්ඨතා සම්මානයෙන් පිදුම් ලැබුවා.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාමඩා හෝටල් පරිශ්‍රයේදී මෙම සම්මාන උළෙල පැවැත්වුණා.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ වර්තමානයේ ලෝකය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවත්, මේ වන විට පවතින තාක්ෂණය නිසා ජන සංනිවේදනය සීඝ්‍රයෙන් වර්ධනය වී වඩාත් ශක්තිමත් වී ඇති බවයි.

එමෙන්ම නූතන ලෝකය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ශක්තිය ඇති බවත්, සම්පත් නිවැරදිව කළමනාකරණය කර ගැනීම ඒ සඳහා අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

රට වෙනුවෙන් සිය දැනුමල ශ්‍රමය කැප කරන පුද්ගලයින් අගය කිරීම උදෙසා, ශ්‍රී ලංකා ජනසන්නිවේදකයින්ගේ සංගමය මාස්කෝ 2019 සම්මාන උළෙල වාර්ෂිකව සංවිධාන කරනවා.

LEAVE A REPLY