මොරගහකන්ද කළු ගඟ ජලාශ ඉදිකිරීම සඳහා සිය ගම්බිම් ලබාදුන් ජනතාව නැවත පදිංචි කරවූ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාඔය මොරතැන්න ප්‍රදේශයේ පවුල් දහසක පමණ ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණදී සිටිනවා.

ඉඩම් ලබාදී නැවත පදිංචි කළ ද තමා වගා සඳහා අවශ්‍ය ජලය සහ පානීය ජලය මෙතෙක් සපයා නොමැති බවයි ඔවුන් චෝදනා කරන්නේ.

පසුගිය කන්නයේ දැඩි අසීරුතාවයන් වගාකරගත් ලොකු ලූනු වර්ෂාවෙන් විනාශ වී ගොස් ඒවාට රක්ෂණ වන්දි මුදල් ගෙවීම පැහැර හැරීම නිසාද ඔවුන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.

ජනතාව කියා සිටියේ කිසිදු අඩුපාඩුවකින් තොරව ජීවත් වූ තමන් මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ ඉදිකිරීම සඳහා ඉඩම් පරිත්‍යාග කිරීමෙන් කබලෙන් ලිපට වැටුණු බවයි.

කෙසේ වෙතත්, වසර හයක සිට විදින දුෂ්කරතාවන් සම්බන්ධයෙන් මෙම ගොවි ජනතාව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය වෙත දැනුම් දී තිබුණා.

අනතුරුව එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ප්‍රමුඛ පිරිසක් මාඔය මොරතැන්න නැවත පදිංචි වූ ගම්මානවල ජනතාව හමුවීමට ගොස් තිබෙනවා.

මේ, එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY