රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් බි්‍රගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන මහතා සහ හමුදා සෙබලුන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ විශේෂ මහාධිකරණය හමුවේ අද නඩු පවරා තිබෙනවා.

ඒ, වැලිවේරිය රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පහරදී තුවාල සිදුකිරීම සහ උද්ඝෝෂකයින් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුලු අධිචෝදනා 94 ක් යටතේයි.

මේනකා විජේසුන්දර, විමල් රණවීර හා නිශාන්ත හපුආරච්චි යන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනීමට නියමිතයි.

LEAVE A REPLY