ලංකා අයි ඕ සී සමාගමද ඉන්ධන මිළ ගණන් පහත දමා තිබෙනවා.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2 කින් හා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් දෙකකින් අඩු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ලංකා අයි ඕ සි සමාගම අලෙවි කරන ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 164 ක්.

එමෙන්ම මෙතෙක් රුපියල් 134 කට අලෙවි කළ සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 132 ක් වන අතර, ඔක්ටේන් 92 හෝ ඔටෝ ඩීසල් මිල සංශා්ධනය වී නැහැ.

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල පහළ දැමීමට මුදල් අමාත්‍යංශය තීරණය ඊයේ තීරණය කළා.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 සහ ඔක්ටේන්
95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2 කින් පහළ දැමීමටයි පියවර ගනු ලැබුවේ.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල්
136 ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 161 ක්.

එමෙන්ම සුපිරි ඩීසල් ලීටරයක්ද රුපියල් 2 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 132 ක් වනවා.

කෙසේ වෙතත් ඔටෝ ඩීසල් මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බවයි
මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY