පාස්කු ප්‍රහාරය අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානය සිදුකළ ප්‍රහාරයක් බවට දිරිගැන්වීමට අවශ්‍ය කටයුතු කරමින් එම ත්‍රස්ත සංවිධානය සමඟ සෘජුවම සම්බන්ධතා පැවැත්වූ බව කියන ව්‍යාපාරිකයකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර ඇත්තේ, ඔහු ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව දින 30 ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව ඊයේ මෙම සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළා.

ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි අහමදු මොහම්මදු අර්සාද් නැමැති ව්‍යාපාරිකයෙක්.

කොළඹ කිංස්බරි හෝටලයේදී මරාගෙන මැරුණු බෝම්බකරුවන් සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණයට අදාළව මෝෂන් පත්‍රයක් ගොනුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

LEAVE A REPLY