අනුරාධුපර මිහින්තලා රාජමහා විහාරය ජාතික උරුමයක් බවට පත්කිරිමට රජය සැලසුම් කර තිබෙනවා.

මීට අමතරව මිහිදු මහා රහතන්වහන්සේගේ පරිනිර්වාණය වෙනුවෙන් පවත්වන පෙරහර ජාතික උත්සවයක් බවට පත් කිරිමටද අවධානය යොමුව ඇතැයි සඳහන්.

එමෙන්ම, එදිනට ජාතික නිවාඩු දිනයක් බවට පත්කිරීමට ද රජය සැලසුම් කර තිබෙනවා.

මීට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට කෙටුම්පත් සකස් කර ඇති අතර, එය ලබන මස 04 වැනි දිනට ප්‍රථම නිකුත් කිරීමට නියමිතයි.

මිහින්තලා රාජමහා විහාරයේ සංවර්ධන කටයුතු හා මිහිදු පෙරහර සම්බන්ධයෙන් අගමැති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය වුණා.

LEAVE A REPLY