රියදුරුට පහර දී මරණ තර්ජනය කර රුපියල් කෝටියකට ආසන්න
කැබ් රථයක් පැහැරගෙන ගිය පුද්ගලයෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මීගමුව පොලීසිය විසිනුයි. මීගමුව ගල්කන්ද ප්‍රදේශයේ දී මෙම කැබ් රථය පැහැරගෙන ගොස් රියදුරුට පහර දී මරණ තර්ජණ කර තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව රියදුරු මීගමුව පොලීසියට කළ පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලදී මහනුවර පන්විල ප්‍රදේශයේ දී කැබ් රථය හා සැකකරු අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලීසියට හැකි වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ කැබ් රථය පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දී වාහනයේ අංක තහඩු ගලවා තිබූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

LEAVE A REPLY