ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සීමිත පන්දුවාර තරගාවලි පැවැත්වීම සඳහා සාජාවෙන් ඇරයුමක් ලැබී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා පිලේ ප්‍රබල ක්‍රිඩකයින්
10 දෙනෙකු පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසුවයි.

මේ අතර ත්‍රස්ත ප්‍රහාර අවදානමක් පැවතීම හේතුවෙන් පාකිස්තාන සංචාරයට පෙර එහි ආරක්ෂක තත්ත්වය යළිත් ඇගයීමට ලක්කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දීමක් ද කර තිබුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව හෝ පාකිස්තානය මෙතෙක් විමසීමක් නොකළ ද
සාජා ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍යතාවයක් මතුවුවහොත්
තම ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකා – පාකිස්තාන සීමිත පන්දුවාර තරගාවලිය පැවැත්විය යුතු බවයි.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගාවලියට එක්දින තරග 3 ක් සහ 20 යි 20 තරග 3 තුනක් ඇතුළත්. එහි පළමු එක්දින තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 27 වනදා කරච්චි නුවර ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි.

LEAVE A REPLY