කථානායක කරූ ජයසූරිය මහතාව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරන්නැයි යෝජනා කිරීම සඳහා මල්වතු – අස්ගිරි උභය විහාරික නායක භික්ෂූන් වහන්සේලා පිරිසක් අද අරලියගහ මන්දිරයට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී හිමිවරුන් සිය යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතයි.

පිරිසිදු බෞද්ධයකු වශයෙන් මෙන්ම සියලු ජාතීන්ට ආගමිකයින්ට එක හා සමාන ලෙස සලකන නායකයකු වශයෙන් ද, ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි උපරිම කැපවීම ක්‍රියාවෙන් ඔප්පු කළ නායකයකු වශයෙන් ද අනාගත ජනාධිපති ධුරය සඳහා සුදුසුම පුද්ගලයා කරූ ජයසූරිය මහතා බවට එම හිමිවරුන් විසින් තීරණය කර ඇති බව සඳහන්.

දූෂණ, වංචාවලට සම්බන්ධ නැති නිකලැල් දේශපාලන චරිතයක් හිමි නායකයකු වශයෙන් ද, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අත්දැකීම් සහ දැක්මක් ඇති නායකයකු වශයෙන් ද උගත්, බුද්ධිමත්, රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් සහ ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි නායකයකු වශයෙන් ද ඔහු කීර්තිනාමයක් දිනාගෙන ඇති බවද එම යෝජනාවේ සඳහන් කර තිබෙනවා.

පසුගිය මාර්තු 19 වනදා මල්වතු පාර්ශ්වය වෙතින් කරූ ජයසූරිය මහතාට ‘කීර්ති ශ්‍රී දේශාභිමානී’ ගෞරවනාම සම්මානය පිරිනැමුණු අතර, ඊට පෙර රාමඤ්ඤ මහා නිකායෙන් ‘විශ්ව කීර්ති ශ්‍රී ලංකා ජනරංජන’ සම්මානයද, ‘සාරාර්ථ දර්ශී ජනතා නායක’ සම්මානය ද පිරිනමා තිබුණා.

LEAVE A REPLY