ගූගල් මැප් තාක්ෂණය උපකාරී කරගනිමින්, අවරුදු 22 කට පෙර සිය මෝටර් රථයද සමග අතුරුදන්වූ පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු අනාවරණ කරගත් පුවතක් අමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

පුද්ගලයෙකු විසින් තම නිවස පිහිටි ස්ථානය නිරික්ෂණය කිරීම සඳහා ගූගල් මැප් පහසුකම භාවිත කළ අවස්ථාවේදී ඔහුගේ නිවසට යාබදව ඇති ජලාශයක ගිලී තිබූ මෝටර් රථයක් දර්ශනය වී ඇති බව සඳහන්.

අනතුරුව ඒ පිළිබඳ ෆ්ලෝරීඩා හී ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇති අතර, ඔවුන් පැමිණ ගිලී තිබූ මෝටර් රථය ගොඩගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ජලාශය තුල ගිලී තිබූ මෝටර් රථය ගොඩගැනීමෙන් පසු ආරක්ෂක නිළධාරින් විසින් එය පරික්ෂාවට ලක් කළ අවස්ථාවේදී ඒ තුල මිනිස් සිරුරක කොටස් තිබී ඇති බව සඳහන්.

පසුව එය ඩී එන් ඒ පරික්ෂණයකට යොමු කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ අදාල පුද්ගලයා 1997 වසරේ නොවැම්බර් මස 7 වනදා එනම් මීට වසර 22කට පෙර අතුරුදන්වූ අයෙකු බවයි.

LEAVE A REPLY