ශ්‍රී ලංකාව සමග මෙම මස අගදී පාකිස්තානයේ දී ආරම්භ වීමට නියමිත එක්දින සහ 20යි 20 ක්‍රිකට් තරගාවලි වෙනත් රටක නොපැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

එම තරග වෙනත් රටක පැවැත්වීමට කටයුතු කළහොත් එය ජාත්‍යන්තර තරග පාකිස්තානයට රැගෙන ඒමේ උත්සාහයට ද බලපෑමක් එල්ල වන බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ.

එමෙන්ම එය පාකිස්තාන සුපර් ලීග් 20යි 20 තරගාවලියට පවා බලපෑමක් එල්ල කරනු ඇති බව එරට ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා – පාකිස්තාන එක්දින තරගාවලිය ලබන 27 වනදා ආරම්භ වීමට නියමිතයි.

LEAVE A REPLY