එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලු සුලු පක්ෂ නායකයින් සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි සුලු පක්ෂ නියෝජිතයෙකු කියා සිටියේ.

පසුගිය අගහරුවාදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී තිබුණේ සුලු පක්ෂවල සහය රැගෙන පැමිණෙන ලෙසයි.

ඒ අනුව අද දිනයේ දී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි දේශපාලන ආරංචි මාර්ගා කියා සිටියේ.

(ගිහාන් සම්පත් බණ්ඩාර/ චාන්දනී ජයසිංහ)

LEAVE A REPLY