ශ්‍රී ලංකාවේ පළමු වරට වයස අවුරුදු 13 ත් 16 ත් අතර ළමා පරිත්‍රාණ ධර්ම දේශනා කණ්ඩායමක් සිය පළමු ධර්ම දේශනා පිංකම අද පස්වරුවේ සිදුකිරීමට සූදානමින් සිටිනවා.

මහනුවර, සියපත්ගම, උඩහේන, උඩහිඟුල්වල සහ පතිරාදවත්ත යන ගම්මාන හතර නියෝජනය කරමින් තෝරා ගත් වයස අවුරුදු 13 ත් 16 ත් අතර සිසුන් 13 දෙනෙකුට පාලි භාෂාවෙන් ඒ සම්බන්ධයෙන් වන පුහුණව ලබා දී තිබෙනවා.

අදාළ ගම්මාන යා කර පිහිටුවා ඇති විපස්සනා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මුල් කර ගෙන මෙම පුහුණුව ලබා දී ඇති බව සඳහන්.

පුහුණුවේ අනුශාසක වශයෙන් එම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කොට්ටාවේ සමිත හිමියන් කටයුතු කරනු ලැබුවා.

සිසුන් පුහුණු කිරීමේ කටයුතු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලයේ සේවයේ නියුතු එච්.එම්.හේරත් බණ්ඩා මහතා විසින් සිදුකර තිබෙනවා.

LEAVE A REPLY