දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ හෙට විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්.

මහල් 17 කින් යුතු නෙළුම් කුළුණ මීටර් 350 ක් පමණ උසකින් සමන්විතයි.

අමෙරිකානු ඩොලර් මිලියන 104 ක් ඒ සඳහා වැය වූ අතර, කුලුනෙන් සියයට 80 ක් චීනයෙන් ණය ආධාර යටතේ ඉදිකර තිබෙනවා.

සුපිරි අවන්හල්, හෝටල්, ශ්‍රවණාගාර, රැස්වීම්ශාලා ආදී පහසුම්වලින් නෙළුම් කුළුණ සමන්විතයි.

මේ අතර නෙළුම් කුළුණ විවෘත කිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

රුපියල් 45.00 ක වටිනාකමකින් යුතු නව සමරු මුද්දරයක්, සිහිවටන පත්‍රිකාවක් සහ මුල්දින කවරයක් ද හෙට නිකුත් කරන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ.

LEAVE A REPLY