එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ජනතා බලයෙන් අවලංගු වූ ආණ්ඩුවක් වී ඇති බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

කොස්ගම, සාලාව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පවත්වාගෙන ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හා වෙනත් පක්ෂවල සහයෙන් බවයි.

එමෙන්ම, පළාත් පාලන මැතිවරණයේ දී අන්ත පරාජයක් ලැබීමෙන් පසු මේ වන විට පවතින්නේ අවලංගු ආණ්ඩුවක් බවද දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY