ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට තම සහය ලබාදීමට තීරණය කළ බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා.

කුරුණෑගල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවුෆ් හකීම් මහතා මේ බව සදහන් කළා.

පසුගියදා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ සුලූ පක්ෂ නියෝජිතයින් අතර විශේෂ හමුවක් කොළඹ දී පැවැත්වුණා. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේදී මෙම සාකච්ඡාව පැවති බවටයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට තමන් ලිඛිතව දැනුම් දුන් බවත්, මේ දක්වා ඊට නිසි පිළිතුරක් නොලැබුණ බවත්, සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය හැර වෙනත් පක්ෂයකින් ජනාධිපතිවරණය ස`දහා තරග කිරීමට තමාට කිසිදු අපේක්ෂාවක් නොමැති බව ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා. අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ දී අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකර තිබුණා.

මේ තවදුරටත් අදහස් පළකළ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා.

LEAVE A REPLY