ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනා සහ ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් කිසිදු ගැටලූවක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. සන්ධානගත වීම සහ ඡුන්ද ලකුණ යන කාරණා ජනාධිපතිවරණයේදී එතරම් වැදගත් නොවන බවත්.

එළඹෙන මැතිවරණවලදී ඒ පිළිබඳව සාකච්ඡුා කර එකගතාවකට පැමිණිය හැකි බවත් ඔහු පෙන්වා දෙනවා. කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප‍්‍රකාශ කලේ ඉදිරි මහ මැතිවරණයේදී නාම යෝජනා බෙදීයාමේ ප‍්‍රතිශතය පිළිබඳවද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.

ඉදිරි මහ මැතිවරණයේදී නාම යෝජනාවලින් 51% ක ප‍්‍රතිශතයක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි විය යුතු බවට සිය පක්ෂය තීරණය කර ඇති බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉල්ලා ඇති නාම යෝජනා ප‍්‍රතිශතය 30% ක් බවත් බව කෙහෙළිය රඹූක්වැල්ල මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පක්ෂ 17 ක් එකතු වී ඇති බැවින් නාම යෝජනා ලබා දීමේදී ඔවුන් සමගද සාකච්ඡුා කිරීමට සිදුවන බවයි.

LEAVE A REPLY