ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයට අදාල සියලූම ප‍්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාතියෙන් අවසන් කෙරුණු අතර, මේ මොහොතේ ප‍්‍රචාරක කටයුතුවල නිරතවල පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බවත් ගාල්ල දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරී කේ යූ චන්ද‍්‍රලාල් මහතා පවසනවා.

සභිකයින් 28 කු තෝරා පත්කර ගැනීම වෙනුවෙන් ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය අනිද්දා දිනයේදී පැවැත්වීමට නියමිතයි. සභිකයින් 17කු කොට්ඨාස මට්ටමින් තෝරාපත් කර ගැනීමට නියමිත අතර, තනත් සභිකයින් 11 කු සමානුපාතික නියෝජනය යටතේ තෝරා ගැනීමට නියමිතයි.

මෙවර ඡුන්ද විමසීමේදී ඇල්පිටිය ප‍්‍රාදේශිය සභා ඡුන්දය සඳහා සුදුසුකම් ලබා සිටින ඡුන්ද දායකයින්ගේ සංඛ්‍යාව 53384ක්. මධ්‍යස්ථාන 47කදි ඡන්ද විමසීම පැවැත්වෙන බවත් එම මධ්‍යස්ථාන වලදීම ඡුන්ද ගණන් කිරිම ද සිදු කරන බවත් ගාල්ල දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරී කේ යූ චන්ද‍්‍රලාල් මහතා සඳහන් කළා.

එමෙන්ම මැතිවරණයේ ආරක්‍ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 800 කු අනියුක්ත කර තිබෙනවා.

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ගාල්ල දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරී කේ යූ චන්ද‍්‍රලාල් මහතා

LEAVE A REPLY