සජිත් පේ‍්‍රමදාස මහතාගේ මැතිවරණ මෙහෙයුම් ප‍්‍රධානියා ලෙස එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පත්කර තිබෙනවා. එම පෙරමුණේ පළමු ජනරැුළිය කොළඹ ගාලූමුවදොර පිටියේදී හෙට පැවැත්වීමට නියමිත අතර, එහි සියළු කටයුතු සම්බන්ධීකරණය කිරීමේ වගකීම පවරා ඇත්තේද තිස්ස අත්තනායක මහතාටයි.

ලක්‍ෂ දෙකකට වැඩි ජන සහභාගීත්වයක් සහිතව මෙම ජනරැුළිය පැවැත්වීම සංවිධායකයින්ගේ සැලසුම වී ඇති අතර, ඒ වෙනුවෙන් සියළු සංවිධාන කටයුතු සෘජුවව අධීක්‍ෂණය කිරීමේ සම්පූර්ණ වගකීම සජිත් පේ‍්‍රමදාස මහතා විසින් තිස්ස අත්තනායක මහතා වෙත පවරා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර ආසන හා දිස්ති‍්‍රක් වශයෙන් වූ ජනරැුළි සංවිධාන කිරීමේ වගකීමද තිස්ස අත්තනායක මහතා වෙත පවරා තිබෙනවා. මේ පිළිබඳ කළ විමසීමකදී තිස්ස අත්තනායක මහතා කියා සිටියේ ආසන මට්ටමේ සංවිධාන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි. ඒ වෙනුවෙන් ප‍්‍රධාන ජනහමු 150 ක් ආසන මට්ටමින් සංවිධාන කරන බවත් ඔහු කියා සිටියා.

LEAVE A REPLY